<body><script type="text/javascript"> function setAttributeOnload(object, attribute, val) { if(window.addEventListener) { window.addEventListener('load', function(){ object[attribute] = val; }, false); } else { window.attachEvent('onload', function(){ object[attribute] = val; }); } } </script> <div id="navbar-iframe-container"></div> <script type="text/javascript" src="https://apis.google.com/js/platform.js"></script> <script type="text/javascript"> gapi.load("gapi.iframes:gapi.iframes.style.bubble", function() { if (gapi.iframes && gapi.iframes.getContext) { gapi.iframes.getContext().openChild({ url: 'https://www.blogger.com/navbar/7000736186666637214?origin\x3dhttp://thenightskylk-earth1.blogspot.com', where: document.getElementById("navbar-iframe-container"), id: "navbar-iframe" }); } }); </script>
පෘතුවියේ වායුගෝලය


  • පරිවර්තිගෝලය
  • ස්ථරගෝලය
  • ඕසෝන් ස්ථරය
  • ශීතගෝලය
  • ස්ථරගෝලයේ මායිම
  • ශීතගෝලයේ මායිම
  • තාපගෝලය


 

සෞරග්‍රහ මණ්ඩලයට අයත් අන් ග්‍රහලොක වලට වඩා වෙනස් වූද සංකීර්ණ වූද වායුගෝලයක් පෘතුවිය සතු වේ.සම්පූර්ණ වායුගෝලයේ නයිට්‍රිජන් වායුව 78% ක් ද ඔක්සිජන් 21% ක්ද කාබන්ඩයොක්සය්ඩ් 0.03% ක්ද ආගන් වැනි නිශ්ක්‍රීය වායූන් 0.07% ක්ද ප්‍රධාන වශයෙන් ජලවාෂ්ප වලින්ද පිරී පවතී.පෘතුවි වායුගෝලය ප්‍රධාන වශයෙන් කොටස් 5 කට බෙදේ.

  1. පරිවතීගෝලය
  2. ස්ථරගෝලය
  3. ශීතගෝලය
  4. තාපගෝලය
  5. බහිර්ගෝලය
යන මේ කොටස් පහයි.

පරිවර්තීගෝලය සමකයේ සිට කි.මි. 10 ක් දක්වා ඉහළටද එතැන් සිට කි.මි. 50 ක් දක්වා ඉහළටද ස්ථරගෝලයද විහිදී ඇත.ශීතගෝලය කි.මි. 50 සිට කි.මි. 90 දක්වාද තාපගෝලය කි.මි. 90 සිට කි.මි. 500 දක්වාද විහිදී ඇත.බහිර්ගෝලය කි.මි. 500න් ඉහළට පිහිටා ඇත.ස්තරගෝලය හා ශීතගෝලයන් අතර සීමාවේ ඕසෝන් ස්ථරය පිහිටා ඇත.සියලුම ජීවීන්ගේ පැවැත්ම රදා පවතින්නේ පරිවර්තීගෝලය තුළය.ගුවන්යානා ගමන් කරන්නේද මෙම සීමාව තුළ වීම විශේෂ ලක්ෂණයකි.

තාපගෝලයේ ඇති වායු අණු සූර්ය විකිරණ වලට හසුවීමෙන් අයනීකරණය වේ. මේ නිසා තාපගෝලය තුළ අයන වලින් සැදුනු ස්ථරයක් ඇත.මෙම ස්ථරය අයනගෝලය නම්වේ.

මෙම ස්ථරය තුළින් රේඩියො තරංග පරාවර්තනනය වීම නිසා පෘතුවි වැසියන් වන අපට ගුවන් විදුලියට හා රූපවහිනියට සවන්දීමටත් හා රේඩියො තරංග ඇසුරුකොට ගෙන කරන අනෙකුත් සන්නිවේදන කටයුතු හරියාකාරව කරගැනීමටත් හැකිවී තිබේ. එසේම මෙම ස්ථරය හිරුගෙන් පොළවට පමණෙන එක්ස් කිරණ සහ ගැමා කිරණ මගින් වඩාත් උණුසුම් වේ.